මෙච්චර රට යන්න හදන්නේ ඇයි?
විදෙස් ගමන් බලපත්‍රය එක් දින සේවාව යටතේ ලබාගැනීමේ අරමුණින් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත අද (02) දිනයේත් දහස් ගණනක් ජනතාව පැමිණ පෝලිම් ගැසී සිටින අයුරු දැකගතහැකි විය.
ඇතැමුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෝලීම් ගැසී සිටි බවත් තමන්ගේ වාරය එළැබීමට ආසන්න වශයෙන් පැය 05 ක පමණ කාලයක් ගතවන බවත් ඔවුන් පැවසීය.
ලංකාවේ සෑම ප්‍රදේශයක සිටම ජනතාව තම විදෙස් ගමන් බලපත්‍රය සැකසීම සඳහා පැමිණෙන අතර මෙසේ දහස් ගණනක් ජනතාව රුපියල් 15,000 ක් ගාස්තු ගෙවා එක්දින සේවාව යටතේම ගමන් බලපත්‍රය ලබා ගැනීමට උත්සුකවීම විශේෂත්වයකි.
සුහුරුපාය ගොඩනැගිල්ලේම අනෙක්පස පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත නිකුත්කිරීමේ එක්දින සේවයටද මීට නොදෙවෙනි තරමේ ජනතාවක් පැමිණ සිටින අයුරු ද දැකගතහැකි විය.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා






popular news
-
Kumar Tuesday, 02 November 2021 04:30 PM
Nawa Corona pokura athiwena thanada.
Reply : 2 0
Demuni Uduwara Tuesday, 02 November 2021 10:33 PM
If rulers have, they should quit; this inspires their inability.
Reply : 1 2
Ryan Fernando Sunday, 07 November 2021 03:41 AM
What else are people supposed to do in a failing country? Where leaders steal every single penny thats available.
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

