තමන්ගේ පුද්ගලික ධනය මිලියන 50 බැගින් මාසිකව ජනතාව වෙනුවෙන් වියදම් කිරිමට නව අමාත්‍යාංශය හරහා සිදුකරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවැසීය.
දෙරණ රූපවාහිනී නාළිකාවේ 360 සංවාදාත්මක වැඩසටහන සමගින් ඊයේ රාත්‍රී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
"ටෙන්ඩර් කෝල් කරලා වැඩ කරන්න ගියොත් එහෙම ඒකට ලොකු කාලයක් යනවා. මම ඇමතිධුරයේ වැඩ භාර ගත්තේ මගේ පෞද්ගලික සල්ලිත් මම මාසෙට මිලියන 50 ගානේ දානවා කියලා හිතාගෙන.
ඒ වගේ බජට් එකක් මම වෙනුවෙන් වෙන්කරගෙන තමයි මම මේ පුටුවේ ඉද ගත්තේ. මම ආණ්ඩුවේ සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ. මම මාසෙකට මිලියන 50ක් මිනිස්සු වෙනුවෙන් මගේ පුද්ගලික සල්ලි දානවා. ඒ ඔක්කොටම ලෑස්ති වෙලා තමයි මම මේ පුටුවේ ඉගෙන ගත්තේ."
