මගේ පාලන කාලය තුළ ජනතාව සතුටින්, හොඳින් ජීවත්වුණා
“මගේ පාලන කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් අද තිබෙන ප්‍රශ්න කිසි දෙයක් තිබුණේ නැහැ.රටේ ජනතාව ඉතාම සතුටින් හොඳින් ජීවත් වුණා” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ යාපනය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවට සහභාගී වෙමින්ය.
මගේ අවුරුදු 05 දී උතුරේ ජනතාවට විශාල වැඩ කොටසක් කළා.උතුරු නැගෙනහිරට ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරලා උතුරු නැගෙනහිර වෙනම වැඩකොටසක් කලා.මේ රටේ සංවර්ධනය දකුණට විතරක් සීමා වෙලා තිබුනේ, 2015 මගේ ජයග්රහණයෙන් මේ රටේ සියලුම පක්ෂ වල දේශපාලඥයින්ගේ ඇස් ඇරුණා. ඊට පස්සේ තමයි හැම දේශපාලන නායකයෙකුටම හිතුනේ උතුරු නැගෙනහිර ජනතාවටත් දකුණේ ජනතාවට වගේම සංවර්ධනයට අත දෙන්න ඕන කියලා.
උතුරේ ජනතාව කෘෂිකර්මාන්තයට දක්ෂයි.මේ උතුරේ යාපනයේ ගොවි ජනතාවත් එක්ක රටේ අනෙක් අයට හැප්පෙන්න බෑ, දක්ෂම ගොවියෝ ඉන්නේ උතුරේ විශේෂයෙන්ම යාපනයේ .
අපි දන්නවා තමුන්නාන්සේලාට අද ප්‍රශ්න රාශියක් තියෙනවා, ඒ ප්‍රශ්න මුළු රටේම ජනතාවට තියෙනවා. රටේ විශාල ආර්ථික අර්බුධයක් තියෙනවා, රටේ කෘෂිකර්මාන්තයේ ලොකු අර්බුධයක් තියෙනවා, ගොවි ජනතාවට වැඩ කරන්න පොහොර නෑ, ඒ නිසා කෘෂිකර්මාන්තය ලොකු පහත වැටීමකට ලක් වෙලා තියෙනවා. අපි ඉතාම කණගාටුවෙනවා ඒ තත්වය ඇති වී තිබීම ගැන.
මගේ පාලන කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් අද තිබෙන ප්‍රශ්න කිසි දෙයක් තිබුණේ නැහැ.රටේ ජනතාව ඉතාම සතුටින් හොඳින් ජීවත් වුණා.බඩු මිල පහත වැටිලා තිබුණා, ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් හොඳ සබඳතා ඇති කර ගෙන තිබුණා.මුළු ලෝකයේම රාජ්‍යය නායකයින් සියලු දෙනාම මම මිත්‍ර කර ගෙන තිබුණා.එ නිසා මේ රට කරන්න ලෝකයේ සියලුම නායකයෝ මට සහය දුන්නා. මම සිංහල, දමිළ, මුස්ලිම්,බර්ගර් සියලු ජාතීන් අතර සමඟිය ගොඩනැගීමට විශාල වැඩකොටසක් කළා.”
popular news
-
klal Monday, 21 February 2022 07:26 AM
Aney umbe kata. Mattala wee gabadawa. Bond scam Salawa disaster Colombo garbage and flood crisis Extremism jailing soldiers who contributed to win the war High cost of living Drugs Extremism and Easter Sunday No development work and no jobs Erosion of foreign reserves No unity in government Very bad leader
Reply : 1 0
Meloney Dissanayake Monday, 21 February 2022 10:52 AM
You are the who spoilt every thing. Hope you will not get even a MP post.
Reply : 0 2
Ajith Monday, 14 March 2022 02:28 AM
හැබෑව.... හැබෑව,..... රටේ මිනිස්සු සතුටින් හිටියා කියල මං පත්තරෙන් දැක්කා...
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

