බිබිල මොනරාගල මාර්ගයේ ධාවනය වන පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක මගී කාන්තාවකට බස් රථයේදී අතවර කළ කොන්දොස්තරවරයෙකු (13) වෙනිදා මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බස් රථය මොනරාගල සිට බිබිල දක්වා ධාවනය වන අතර ඊට ගොඩවූ විසි හය හැවිරිදි කාන්තාව සිටගෙන ගමන් කරමින් සිටියදී ඇඟපත අතගා ලිංගික අතවර සිදු කර තිබේ.ඇය විසින් නිවසට ගොස් ඒ පිළිබඳව සැමියාට දැනුම්දීමෙන් අනතුරුව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්වී මොනරාගල රෝහල් පොලීසියට අතවරය පිළිබඳව දැනුම්දී ඇත.
අනතුරුව ක්‍රියාත්මක වූ මොනරාගල පොලීසිය මොනරාගල සිරිගල පහළ කොටස දෙමළ ගම්මානයේ පදිංචි තිස් හතර හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මොනරාගල මූලස්ථාන පො.ප චමින්ද සිල්වා මහතාගේ උපදෙස් පිට කාන්තා කාර්යංශයේ ප්‍ර.පො.ප භද්‍රාණී ගමගේ මහත්මිය පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක