මුඛ ආවරණ පළදින්න උපදෙස් නෑ - පාසල් වසන්නේ නෑ
කිසි අවස්ථාවක අධ්‍යාපන අමාත්‍යාංශ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මුඛ ආවරණ පළදින ලෙස ජනතාවට හෝ දරුවන්ට උපදෙස් ලබාදී නොමැති බවත් පාසල් වැසීමට කිසිදු තීරණයක් ගෙන නැති බවත් උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය සහ වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව අද (29දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ පැවසීය
“aකොරෝනා වෛරසය පිළිබඳව විශාල භීතිකාවක් දරුවන් හා දෙමව්පියන් අතර තිබෙනවා.විශේෂයෙන් පමණට වඩා ජනතාව බිය ගැන්වෙන ව්‍යාපාරයක් තිබෙන බව සාකච්ඡා වුණා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තත්ත්වය අවබෝධ කරගෙන පූර්ණ ලෙස මැදිහත්වෙලා කටයුතු කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව චක්‍රලේඛන නිකුත් කර තිබෙනවා.
කිසි වෙලාවක අධ්‍යාපන අමාත්‍යාංශවත් සෞඛ්‍ය අමාත්‍යාංශවත් මුඛ ආවරණ මිලට ගෙන පළදින ලෙස ජනතාවට උපදෙස් ලබාදී නෑ. දරුවන්ට මුඛ ආවර්ණ පැළදගෙන එන ලෙස දන්වා ඇතැයි වාර්තා වෙලා තිබෙනවා, එය නරක දෙයක්.එවැනි නියමයක් දැනට නෑ. අවශ්‍යතාවයක් තිබෙනවා නම් එවැනි නියමයක් කරනවා. පාසල් වැසීමට තීරණයක් කර නෑ.
රජය වශයෙන් චීනයේ හා ශ්‍රී ලංකාවේ තනාපතිවරු සාකච්ඡා කරලා, පැමිණීමට අවශ්‍ය කරන සිසුන් ලංකාවට සහන ගාස්තු යටතේ ලංකාවට ගෙන්වා ගැනීමට විධිවිධාන සළස්වා තිබෙනවා.
නිරන්තරයෙන් එරට සිටින සිසුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිනවා. දැනට මේ අංශයේ රටේ ජනතාවට හා දෙමව්පියන්ට අවධාරණය කරන්නේ දරුණු වසංගතයක් නම් ක්ෂණිකව මාධ්‍ය හරහා තොරතුරු නිකූත් කරනවා. වැරදි ප්‍රචාර සම්බන්ධයෙන් බිය විය යුතු නෑ කියලා අවධාරණය කරනවා.
මිත්‍ර රටක් වන චීනයට අත් වූ තත්ත්වයට ගැන කණගාටුව පළ කරනවා. රජයක් ලෙස අපේ කණගාටුව චීන ජනතාවට පළ කරනවා. චීනය අපට සහයෝගය ලබාදුන් රටක්.”

popular news
-
Don Thursday, 30 January 2020 07:49 PM
කොරෝනා නැතිවුනත් මෙයාටනම් මුඛ ආවරණ පළඳින්න අත්‍යවශ්‍යමයි.
Reply : 0 0
Kumar Thursday, 30 January 2020 10:14 PM
ඇමතිතුමාගේ කතාව ඇත්ත. මුක අවරණයෙන් ආරක්ෂාව ලැබෙන්නේ දුවිලි වැනි දෙයින් පමණයි. දුවිලිවලට වඩා වෛරස දහස් වාරයකට වඩා කුඩා නිසා වෛරසයට ලෙහෙසියෙන් මුක ආවරනවලට ඇතුල්විය හැක. මුක ආවරණය පාවිචිය බයට නුලක් බඳිනවා වගෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

