මැකො සභාපති ඉල්ලා අස්වෙන කතාවක් කියයි
ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකරයි නම් තමන් මැතිවරණ කොමිසමේ සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ අනුව පළාත් සභා මැතිවරණය නොවැම්බර් මස 10 දාට ප්‍රථමව පැවැත්විය යුතු බව ඔහු සඳහන් කරයි.
එසේම මැතිවරණ කල් දැමීම දූෂිත මැතිවරණ පැවැත්වීම මෙන් නරක දෙයක් බවද ඔහු සඳහන් කළේය.
රජගිරියේදී අද (28දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

popular news
-
Missaka Monday, 28 January 2019 02:06 PM
අයියෝ, කලබල වෙන්ට එපා, අපේ අගමැති තුමා වෙල්ලාවට චන්දෙ තියයි, මිනිසුන්ට සහන ටිකක් එහෙම දීල.
Reply : 0 0
Nimal Monday, 28 January 2019 02:13 PM
මුදල් කාබාසිනියා කරන පළාත් සබා තිනවට වඩා නොතියන එක රටට යහපත්. තව අඋරුදු 5 කට වත් කල් දාන්න .
Reply : 0 1
කුරුප්පු Monday, 28 January 2019 06:25 PM
පැන්සොන් ගියාටත් පස්සේ ආපහු තනතුරු දීල ගෙන්න ගත්තේ ඔහොම අස්වෙන්න දෙන්න නොවෙය්.
Reply : 0 0
Champa Tuesday, 29 January 2019 12:32 PM
බෙදුම්වාදයේ අන්තිම හෙවනැල්ල වන පළාත් සභා අහෝසිම කරලා දාන්න ඕනේ අනාගත ලංකාවේ භෞමික අඛණ්ඩතාවය, ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය රැක ගැනීම වෙනුවෙන්. සිංහල මිනිස්සුන්ට හැමදාම මෙහෙම තමන්ගේ රටට මොකක් වෙයිද කියලා බයේ ජීවත් වෙන්න බැහැ. මේ බෙදුම්වාදී නැටුම් නවතින්න ඕනේ. මැතිවරණ සමාගමේ සභාපති ගැන කිව්වොත් දේශපාලකයන් පත් කරපු මේ සභාපති ඉල්ලා අස් වෙන එකමයි හොඳ. ඊට පස්සේ රාජ්‍ය සේවයේ නියුතු, අපක්ෂපාති රාජ්‍ය නිලධාරියෙක් මැතිවරණ කොමසාරිස් කරලා ඒ යටතේ ඊළඟ මැතිවරණ පවත් වන්න ඕනේ. මෙයා පවත්තපු මැතිවරණ තුනේම අවසන් ප්‍රතිඵල වලට ඉස්සෙල්ල ලයිට් ගියා. කළුවරේ තමයි ප්‍රතිඵල නිකුත් කලේ. එකක නම් කමක් නැහැ කියපු මැතිවරණ තුනකම එහෙම වුනේ කොහොමද? රජයේ නිලධාරියෙක් නම් නිදහසට කරුණු අහන්න තිබ්බ. හිරේ දාන්න තිබ්බ. මේ සභාපති කාටවත් වග කියන්නේ නැහැ. මෙය කා යටතේද වැඩ කරන්නේ? කවුරුවත් නැහැ.
Reply : 0 0
Deepal Nirosh Tuesday, 29 January 2019 04:03 PM
ප්‍රශ්නයක් ඇත් වුණහම මේ වගේ සිය දිවි නසා ගන්නව වගේ තීරණ ගන්නෙ නැතුව ප්රාතන්නත්රාදයේ මුර දේවතාවුන් වන තානාපති සංසද, පුරවැසි පෙරමුණ වැනි ආයතන එක්ක කතා කරල සාමදාන තීරණයක් ගත්ත නම් ඉවරනෙ. එදා 19ට පෙර බලගතු වීධායකය ඉදිරියේ සිංහයෙක් වෙච්ච මෙතුමා 19ට පසු දුර්වල විධායකය ඉදිරියේ මෙතරම් අහිංකස මුව පැටියෙක් වුණේ මොකද කියල පුදුමත් හිතෙනව. අනේ මන්දා සරත් එන් එස්?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

