පුත්තලම නගරයෙ උත්සව ශාලාවක පැවති මංගල සාදයකට එක්වි සිටි තරුණියක් හදිසියෙ රෝගී වී පුත්තලම රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මරණටය පත්වි ඇත්තේ ආණමඩුව නගරයෙ පදිංචි සිටි විසි හැවිරිදි එච්.එම්.අයෝධ්‍යා දේශානි විජේවර්ධන නැමති තරුණියක් බව කියයි.
මරණයට පත් තරුණිය මහඋස්වැව රතනපාල ජාතික පාසලෙ ආදි ශීෂ්‍යාවක් වන අතර නර්තනය සදහා දක්ෂතා දැක්වු පාසැල් සිසුවියක් බව කියයි.
දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා වන මෙම තරුණිය පාසල් කටයුතු වලින් පසු විවිධ සමාජ කටයුතු වලට දායක වී සිටි බව කියයි.
අදාල තරුණිය පුත්තලම නගරයට ආසන්නයෙ ඇති උත්සව ශාලාවක පැවති මංගල සාදයට එක්වි තිබු බවත් එහිදි කිසියම් මස් වර්ගයක් ආහාරයට ගැනිමේන් පසු ආසාත්මිකතාවයට පත්වි ඇති බවත් කියයි.
එසේ ආසාත්මිකතාවයට පත්වු තරුණිය විනාඩි කිපයක් යාමට මත්තෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්වයට පත්වි පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබු බවත් ඒ වන විටත් ඇය මරණයට පත්ව සිටි බව රෝහල් බළධාරීයකු පවසයි.
මරණටය පත්වු තරුණීයගේ මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරික්ෂණයෙදි මරණය සම්බන්ධව විවෘත තින්දුවක් ලබා දුන් පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී කුලෙන්ද්‍ර ප්‍රේමදාස මහතා මරණය සම්බන්ධ වැඩි දුර පරික්ෂණ සදහා සිරුරේ කොටස් රජයෙ රස පරික්ෂක වෙත යොමු කිරීමටත් කටයුතු කර තිබුනී.


