මංගල දිනයදා ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ තරුණියක් පිළිබඳ තොරතුරු වැලිගම මදුරාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
අද (27) අලුයම 03ට පමණ ඇයගේ නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර පළාගොස් තිබේ.
බරපතළ තුවාල ලබූ තරුණියර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මීට වසර කිහිපයකට පෙර ඇයත් සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති පුද්ගලයෙක් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර තිබේ.
දෙමාපියන්ගේ විරුද්ධත්වය මත එම සම්බන්ධතාවය නවතා දැමීමට පළිගැනීමක් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බව පොලීසිය පැවැසීය.