භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුට සහාය දුන් පොලිස් පරික්ෂක අල්ලයි
නුවරඑලිය සංචාරක නිකේතනයදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරිම සහ ඝාතනය කිරිමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සැකකරිය (25) දින නුවරඑලිය පොලිිසය විසින් නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව නුවරඑලිය පොලිසිය විසින් සැකකරුවන් පැය 48ක් රදවාගෙන ප්‍රශ්න කිරිමට කල ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරිය විසින් එම සැකකරුවන් පැය 48ක් රදවාගෙන ප්‍රශ්න කිරිමට නියෝග කරනු ලැබූහ.
මෙසේ නුවරඑලිය පොලිසියේ රදවාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබා දුන්නේ, නාරම්මල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්රීයාන් ජයසුන්දර, සැකකරුගේ බිරිද වන රත්නායක මුදියන්සේලාගේ නෙත්මි අමායා රත්නායක නැමති 35 හැවිරිදි සැකකාරිය සහ ඝාතනයට සහයෝගය ලබා දුන් කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු 49 හැවිරිදි වන ජයසිංහ ආරච්චිගේ රජිත සාලිය සමරසිංහ යන අයයි.
ප්‍රධාන සැකකරු සහ සැකකරුගේ බිරිද, දරුවා වැල්ල වත්තේ සිට යාපනේ දක්වා ධාවනය වූ බස් රථයේ ගමන් කරමින් සිටියදී වලාන දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් යාපනේ කයිතඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන සැකකාර අඹුසැමි යුවල නුවරඑලිය පොලිසිය වෙත (24) දින භාර දෙනු ලැබූහ.
ඝාතනය සහයෝගය දැක්වු කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු නුවරඑලිය පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඝාතනයේ ප්‍රධාන සැකකරුට සැගවී සිටියම අනුබල දුන් කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සේවය කරමින් සිටි සැකකරුගේ මිතුරෙකු යැයි පවසන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසියේ නිළධාරින් පිරිසක් (25) දින රාත්‍රී මහනුවර ප්‍රදේශයේදි සැකපිට අත්ඩංගුවට ගෙන ඇත.
ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සිය බිරිද සහ දරුවන් සමග අවස්ථා 3කදි බස් රථවලින් යාපනයට ගොස් ඇති බවත්, දිවාකාලයේ සැගවී සිටියම නොහැකි නිස කාලය ගත කිරිම සදහා සැකකරු යාපනය ප්‍රදේශයට ගොස් නවාතැන් ගෙන ආපසු මිතුරන්ගේ නිවෙස්වලට පැමිණ සැගව සිට ඇති බවත්, ඔහු කිසිදු අවස්ථාවක ඉන්දියාවට හෝ වෙනත් රටකට පැන යෑමට උත්සහයක නිරත නොවූ බවට විමර්ෂණ කටයුතුවලදී අණාවරණය වූ බවත්, සැකකරු සන්තකයේ විශාල මුදල් ප්‍රමාණයක් නොතිබීම හමුවේ එය තහවුරු වන බවයි ප්‍රධාන සැකකරුගෙන් සිදු කරන ලද විමර්ෂණ කටයුතුවලදි අනාවරණය වූ බව නුවරඑලිය කොට්ඨාශභාර සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක මහතා කියා සිටියේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
