සහනධාර පදනම මත ධීවරයින්ට නිකුත් කරන භූමිතෙල් පෞද්ගලික බස් හිමියන්ට නිකුත් කිරීම හේතුවෙන් පානදුර , පිංවත්ත ඉන්ධන පිරවුම්හලේ අද (22) පෞද්ගලික බස් හිමියන් සහ ධීවරයින් පිරිසක් අතර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය පිංවත්ත පොලිසියේ මැදිහත් වීමෙන් සමථයකට පත් කරන ලදී.
පෞද්ගලික බස් හිමියන් රැගෙන ආ කෑන්වලට භූමිතෙල් නිකුත් කලැයී එහි සිටි ධීවරයින් පිරිසක් පොම්පකරුට චෝදනා එල්ල කර බැනවැදීමත් සමගින් , ඔහු පොම්පය වසා දමා ස්ථානයෙන් පිටව ගිය අතර , ඉන්පසු පෞද්ගලික බස් හිමියන් සහ ධීවරයන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය .
ධීවර අමාත්‍යාංශයෙන් බලපත්‍ර නිකුත් කර ඇති අයවලුන්ට පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස ධීවරයින් සිය බලපත්‍ර පෙන්වමින් ඉල්ලා සිටියහ.
සිද්ධිය ආරවුලක් දක්වා දුරදිග යාමට ප්‍රථම එහි කළමනාකාරීත්වය විසින් පින්වත්ත පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් පැමිණ සිද්ධිය සමථයකට පත් කිරීමට කටයුතු කරනු ලැබීය.
පසුව පිරවුම්හල් කළමනාකරුගේ ඉල්ලීම මත පොලිසියේ මැදිහත් වීමෙන් ඉන්ධන නිකුත් කිරීම සිදු කරන ලදී .
පානදුර සුමිත් පොතුපිටිය
