භූමිතෙල් මිල හෙට අනිද්දා වන විට අනිවාර්යෙන්ම ඉහළ දැමීමට සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
භූමිතෙල් ලීටරය රුපියල් 87ට අලෙවි කිරීම සිදු කළද, ලීටරයක් සඳහා ආණ්ඩුවට රුපියල් 420ක් වියදම් වන බව අද (05දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය කංචන විජේසේකර මහතා,
දැන් හෙට අනිද්දා වන විට අපිට භූමිතෙල් මිල අනිවාර්යෙන්ම වැඩි කළ යුතු වෙනවා. භූමිතෙල් අපි දෙන්නේ රුපියල් 87. ඒත් රුපියල් 420ක් අපිට වියදම් වෙනවා. එහෙම කළාම වෘත්තීය සමිති නායකයන් පාරට බැහැලා කියයි අන්න ධීවරයන්ට පහර පිට පහර ගහනවා කියලා. අනිත් පැත්තෙන් කියනවා මිනිස්සුන්ට ඉන්ධන ටික දෙන්න කියලා. ඉන්ධන නිසියාකාරව දීගෙන යන්න නම් අපි ආනයනය කරන එක අපි අඩු තරමේ අලාභයක් නැතිව අලෙවි කරලා ඒ මුදල තමයි අපි ආයෝජනය කරන්න ඔ්නී නැවත ආනයනය කරන්න. වෙනදට අපිට දින 180 පමණ ණය කාලයක් තිබුණා. මම බලාපොරොත්තු වෙනවා 08 සහ 09 එන නැව් වලට මුදල් ටික එකතු කරන්න උත්සහ කරනවා. ඩොලර් එකතු කිරීම වගේම රුපියල් එකතු කිරීමත් අභියෝගයක් යනුවෙන් සඳහන් කළේය.