මේ දිනවල වී වගාවේ අස්වැන්න නෙලීම සඳහා භූතයා නමැති කොළමඩින යන්ත්රයට අය කරන මිල ගණන් ප්ර දේශයෙන් ප්ර දේශයට වෙනස්වීම් නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ගොවිසංවිධාන චෝදනා කරයි.
මාතලේ දිස්ත්රික්කයේ දඹුල්ල, සීගිරිය, ගලේවෙල, නවුල ආදී ප්රදේශවල අක්කරයක කොළ මැඩීම සඳහා භූතයන් නැමති යන්ත්රයට අක්කර එකකට රුපියල් 23000 ක මුදලක් අය කරන බව ගොවීන් පවසති.
එමෙන්ම අනුරාධපුර දිස්ත්රික්කයේ මරදන්කඩවල, අනුරාධපුර, හොරොව්පතාන, මෙන්ම අව්කන, විජිතපුර, ගල්කිරියාගම ප්රදේශවල අක්කර 1යක කොළ මැඩීම සඳහා රුපියල් 18000 ත් 20000 ත් අතර මිල ගණන් අයකරන බව ගොවි සංවිධාන පවසයි.
එමෙන්ම පොළොන්නරුව දිස්ත්රික්කයේ ජයන්තිපුර ඇතුළු කදුරුවෙල ප්රදේශවල රුපියල් 25,000 ක මුදලක් එක අක්කරයක කොළ මැදිම සඳහා භූතයා යන්ත්රයට ලබාගන්නා බවත් එහෙත් මැදිරිගිරිය ප්රදේශයේ අක්කරයක් කොළ මැඩීම සඳහා රුපියල් 20000 ත් 22000ත් මිලක් ලබාගන්නා බව එම ප්රදේශවල ගොවීන් පවසයි.
මීට අමතරව කන්තලේ ප්ර දේශශයේ රුපියල් 18,000 ක මුදලකට අක්කරේක වී අස්වනු ලබාගැනීම සඳහා භූතයා යන්ත්රයට අයකරන බවත් අලුත් ඔය ප්රදේශයේ රුපියල් දාහක් 17000ක මුදලක් අක්කරයකට ලබාගන්නා බව එම ප්රදේශවල ගොවීන් පවසති.

