හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකට දින 15 කට පසු කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථාවෙන් නිකුත් කෙරුණු භුමිතෙල් ලිටර් 6600 ක් මිල දි ගැනිමට පාරිභෝගිකයන් දෙදහසක් පමණ ඊයේ (17දා) දින රාත්රියේ සිට පොලිම් වල රැදි සිටිහ.
පොලිම් වල රැදි සියළුම පාරිභෝගිකයන්ට භුමිතෙල් ලබාදිම සඳහා එක් පාරිභෝගිකයෙකුට රු 300 කට සිමා කර භුමිතෙල් ලබා දිමට ඉන්ධන පිරවුම්හලේ සේවකයින් පියවර ගැණින.
යුධ හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂාව මැද්දේ ඉන්ධන නිකුත් කිරිම සිදු කෙරිණ.