ලොව පුරා සිදුවන භූ කම්පන සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇත්තේ මිනිසා විසින් ස්වභාවධර්මයේ පැවැත්මට එල්ල කර තිබෙන තර්ජන හේතුවෙන් පරිසරය තුළ අසමතුලිතාවක් නිර්මාණයවීම හේතුවෙන් බව පේරදෙණිය විශ්ව විද්‍යාලයේ භූ භූගර්භ විද්‍යා අධ්‍යයන අංශයයේ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .
මහාචාර්යවරයා ඒ බව පවසා සිටියේ බුත්තල ප්‍රදේශයේ නිරන්තරයෙන් සිදු වෙනසුළු භූ කම්පනසම්බන්ධයෙන් කළ විමසීමකදීය .
ලොව පුරා දිනකට භූ කම්පන දස දහසදහස් ගණනක් සිදු වන බවත් ඒවා ප්‍රබල භූමි කම්පා නොවන බැවින් ජනතාව ඒ සම්බන්ධව බිය නොවිය යුතු බවත් රික්ටර් මාපකයේ3.5 පසුකරන භූකම්පන ඉතා විරල බව ද මහාචාර්යවරයා අවධාරණය කළේය .
කෘතිමවඉදිකරන විශාල ගොඩනැගිලිවල බර පොළොව අභ්‍යන්තරයට බලපෑම් එල්ල කරන බවත්ඊට අමතරව පරිසරයේ සිදු වන විවිධ විචල්යයන්මගින් භූමිය අභ්‍යන්තරයට බලපෑම් එල්ල කරන බවද මහාචාර්යවරයා පවසයි .
භූ විද්‍යා හා පතල් කාර්යංශය මගින් දිවයිනේ භූ කම්පන ඇති විය හැකි බවට අනුමාන කරන ප්‍රදේශ රැසක භූ කම්පනමාන සවි කිරීමේ කටයුතු සිදුකරන හෙයින් ඉදිරියේ දී භූ කම්පන තත්වයන් ඇතිවන බවට අනුමාන ලබාගත හැකි වන බව ද මහාචාර්යවරයා පැවසුවේය.
මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේ තමන් මේ වන විට ක්‍රියාකාරී දත්ත විශ්ලේෂකයෙකු පර්යේෂකයෙකු ලෙස ලොව පුරා පර්යේෂණ කණ්ඩායම් කිහිපයක් සමග එක්ව කටයුතු කරන බැවින්ලොව නවීනතම දත්ත වාර්තාඑම පර්යේෂණ කණ්ඩායම් විසින්තමන්ට නිරන්තරයෙන්ලබාදෙන බවත්ය .