ජන පීඩක පාලනය හෙළා දකිමු යැයි පවසමින් අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය අද (7දා) දහවල් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.
"රාජා භවතු ධම්මෝ" " බදු ගහලා හතර වටේ රට වැටිල හතර අතේ" "එකාවන්ව පෙළ ගැසෙමු", වැනි පාඨ සටහන් කර තිබූ පුවරු අතැතිව මෙම නිහඬ උද්ඝෝෂණය පැවැසූහ.
මෙම උද්ඝෝෂණයේ නිරත වූ භික්ෂූන් වහන්සේලා කීප නමක් චීන භාෂාවෙන් ලියා තිබුණු පුවරු කිහිපයක් ප්‍රදර්ශනය කරන අයුරුද දැකගත හැකි විය.
විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටින් දිවෙන ජයන්ති මාවතේ ජර්මන් පාලම අසල පැවති මෙම උද්ඝෝෂණයට සහය දැක්වීම සඳහා , මාර්ගයේ ගමන් කළ රථ වාහන වල රියදුරන් තම රථයේ නලාව ශබ්ද කරමින් ගමන් කළ අයුරු ද මෙහි දී දැක ගත හැකි විය.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා භික්ෂූන් වහන්සේලා ප්රමුඛ එම විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ද එක්ව සිටියහ.


