බොහෝ දෙනෙකුගේ අවධානය යටතේ මේ වන විට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින භාතිය ඇතා වැතිර සිට පැත්ත මාරු කිරීමට අද දිනයේදී කටයුතු කරනු ලැබීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ මග පෙන්වීම යටතේ හමුදා සාමජිකයන් හා වන ජීවි නිලධාරින් මෙම ක්‍රියාවලියට දායකත්වය ලබා දුන්නේය.
භාතිය හස්තියාට මේ වන විට අඛණ්ඩව දින 9ක් පමණ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන අතර ඇතුගේ සුළු චලනයන් දක්නනට ලැබේ.
කෙසේ වෙතත් ඇතා අනිත් පැත්ත පෙරලූ විට තවත් විශාල තුවාලයක් දක්නට ලැබුණ අතර කණ හරහා ගිය වෙඩි පහර හේතුවෙන් ඇතුගේ කර්ණ ශංකයට හානි සිදුව ඇති බවට විශ්වාස කළ හැකි බව මහාචාර්යවරයා පැවැසීය.
ඇතා තවමත් සිටින්නේ ඉතාමත් අවදානම් තත්ත්වයක බවත් ඇතු මේ තරමින් හෝ දිවි ගෙවන්නා වනජීවි නිලධාරීන් මේ දක්වා සිදු කළ කැපවීම අනුව බවත් අ ශෝක දංගොල්ල මහතා පැවැසීය.