අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600ක් පමණ ආනයන අධෛර්යමත් කිරිමේ ගැසට් නිවේදනය අද (02දා) රාත්රිි යේ නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
කොළඹදීී අද (02) පැවැති මුළු රටම හරි මගට මැයෙන් ආණ්ඩුවට හවුල් පක්ෂ 11ක් පැවැත්වූ සම්මන්ත්‍රණය අමතමින් ඔහු මේ බව පැවැසීය.
රට තුළ පවතින සීමිත විදේශ විනිමය පළමුව ඖෂධ ආනයනට, දෙවනුව ඉන්ධන ආනයනට හා තෙවනුව කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනට යෙදවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
"අපිි දැන් බොහොම ප්‍රමාදයි.කාලය ගත වෙලා ඉවරයි. නමුත් පරක්කු වී හෝ එම තින්දුව ගැනීම ගැන අපි සතුටු වෙන්න ඕන."