රටේ පවතින ගෑස්,ඉන්ධන, භූමිතෙල් ඇතුළු පවතින භාණ්ඩ හිඟයට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා රජයට විරෝධය පළකිරීමේ විරෝධතා කාන්තා උද්ඝෝෂණයක් අද (31දා) දහවල් ඇල්පිටිය කුරුදුගහහැතැක්ම නගරයේදී පැවැත්විණි.
විවිධ සටන් පාඨ ලියූ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දක්ෂිණ අධිවේගි මාර්ගය අසළ සිට නගරය මැදට පාගමනින් පැමිණි කාන්තාවෝ පිරිස එහි සිට ආණ්ඩුවට විරෝධතා දැක්වූහ.
"සෞභාග්‍යයේ දැක්ම ලයිට්,පෑන්,පොත් නැත."හොඳට තිබුණු රටක් අපට වෙච්ච දෙයක්"," කුසට අහරක් ලෙඩට බෙහෙතක් හිසට සෙවනක් අතට පැනක් මූලික අවශ්‍යතා සඳහා" යනුවෙන් ලියූ පෝස්ටර් එම කාන්තාවන් අත වූහ.
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර


