භාණ්ඩ හිඟයක් නෑ කළබල නොවන්න - හමුදාපති

භාණ්ඩ හිඟයක් ඇතිවන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත්, එකවර වෙළඳසැල්වලට ගොස් විශාල භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගැනීම හරහා භාණ්ඩ හිඟයක් ඇතිවිය හැකි බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා,
මහජනතාව සුපිරි වෙළෙඳසල්වලට හෝ කඩවලට ගොස් විශාල වශයෙන් මිලදී ගැනීම සිදු කරමින් තිබෙන බවට ඊයේ වාර්තා වුණා. එකවර විශාල පිරිසක් භාණ්ඩ මිලදී ගැනීම හරහා සුපිරි වෙළඳසල් හා වෙළෙඳසල්වල භාණ්ඩ අවසන් වෙනවා. එතකොට හිතනවා බඩු හිඟයක් එනවා කියල. සුපිරි වෙළෙඳසල්වල හා වෙළෙඳසල්වල තියෙන්නේ දවසකට දෙකකට අවශ්‍ය වෙන භාණ්ඩ. මෙය අනවශ්‍ය තැතිගැන්වීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මට දැන්වුවා.එහෙම භාණ්ඩ හිඟයක් ඇතිවෙන්න හේතුවක් නැහැ.
කවුරුහරි කියල තියෙනවා හෝටල්වල නිරෝධායන කටයුත්තකට යොදවනව කියල. ඒත් එහෙම බලාපොරොත්තුවක් රජයට නෑ. මේ නිසා අනවශ්‍ය බියක් ඇති කරගෙන විශාල ලෙස භාණ්ඩ මිලදී ගැනීමට කලබල වෙන්න එපා. එහෙම යම් කිසි හදිසි තත්ත්වයක් තියෙනවා නම් රජය විසින් දැනුම් දෙනවා* යැයි පැවසීය.
popular news
-
Devinda Uduwara Friday, 13 March 2020 02:48 AM
Army Chief has become the spokesman of the govt.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

