මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්රවාහන දුම්රියක් අද (22දා) සවස හාලිඇල හා උඩුවර දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමට ලක්විය.
මේ හේතුවෙන් අද පස්වරුවේ බදුල්ලට ළඟාවීමට නියමිතව තිබූ මගී දුම්රිය කීපයක් බණ්ඩාරවෙල හා දෙමෝදර දුම්රිය ස්ථානවල නවත්වන ලද අතර සවස 5.00 පමණ වනවිට පීලි පැනීමට ලක්වූ දුම්රිය මැදිරි මාර්ගයෙන් ඉවත් කරගැනීමට දුම්රිය නඩත්තු අංශයට හැකිවිය.
ව්ජේරත්න රත්නායක

