පාකිස්තානයේ කරච්චි නුවර වෙරළට ඔබ්බෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදහන් වී තිබේ. ගුවන්යානය සොයා ගැනීම වෙනුවෙන් සෝදිසි මෙහෙයුමක් අඛණ්ඩව සිදුවන බව පාකිස්තානයේ ගුවන් සේවා නිලධාරීන් පවසයි.
බෝයිං 737 යානය අඟහරුවාදා දේශීය වේලාවෙන් 21:21 ට (GMT 16:21) වේගයෙන් පහළට බැස ගුවන් ගමනාගමන පාලකවරුන් සමඟ සම්බන්ධතා නැති වූ බව පාකිස්තාන ගුවන් තොටුපළ අධිකාරිය පැවසීය.
යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා සිට කරච්චි බලා යමින් තිබුණි.
ගුවන් තොටුපළ අධිකාරිය පැවසුවේ එය වේගයෙන් පහළ බැසීමට මිනිත්තු කිහිපයකට පෙර සංචාලන පද්ධති ගැටළුවක් වාර්තා කළ බවයි.
ගුවන් තොටුපළ අධිකාරිය පැවසුවේ යානය කරච්චිහි පිහිටි පුද්ගලික භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගමක් වන K2 එයාර්වේස් සමාගමට අයත් බවයි.
