සිංහල බෞද්ධ දරුවන් බහුතරයක් මේවන විට බුද්ධ ධර්මය විශය අසමත් බවත් දරුවන් දහම් අධ්‍යාපනයෙන් ඈත් කිරීම පිළිබඳ වැඩිහිටියන් වගකිවයුතු බවත් සංගිලිකනදරාව ශ්‍රී සුමනාරාම විහාරාධිපති පුජ්‍ය ලිඳවැව අමරජෝති හිමියන් පැවසීය.
සංගිලිකනදරාව ශ්‍රී සුමනාරාම විහාරාධිපති පුජ්‍ය ලිඳවැව අමරජෝති හිමියන් සංඛල්පයක් මත ලෝක ළමා දිනය වෙනුවෙන් රැඹෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සංගිලිකනදරාව ශ්‍රී සුමනාරාම විහාරයේදී අද (30) දහවල් ළමා දින සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේය.
එම සැමරුම් උළලේදී එහිදී ළමයින්ටම වෙන්වූ විවිධ විනෝද ජනක ක්‍රීඩා රැසක් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුජ්‍ය ලිඳවැව අමරජෝති හිමියන්,
මේ ලෝක ළමා දින සැමරුම් උළෙල වෙනුවෙන් ඇමරිකාවේ පදිංචි ප්‍රේමසිරි කහදූව මහත්මා වගේම දනංඡය මහත්මා උදවු කළා. ඒ තුළින් දරුවන් 100ට ආසන්න පිරිසකට අපිට මේ ලෝක ළමා දින සැමරුම් උළෙල සිදු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. වර්තමානයේ මේ දිනයත් ළමුන් වෙනුවෙන් නැතිවෙයිදෝ කියන බය අපට තිබෙනවා. ඒ නිසයි භික්ෂුන් විදිහට ඉදිරියට අවිත් අපි මේ කාර්යය කරන්නේ.
අද සමාජය දෙස ගත්තාම තරුණ පිරිස් පන්සල තියෙන තැන දන්නේ නෑ. ඒයට මූලික හේතුව දහම් අධ්‍යාපනයෙන් දුවා දරුවන් ඈත් වීම. දෙමාපියන් ටියුෂන් මාෆියාවත් එක්ක අත්වැල් බැදගෙන ඉරිදා දින නොමිලේ පවත්වන දහම්පාසල පැත්තකට දාලා සල්ලි වලට උගන්වන ටියුෂන් පන්තියට ළමයව අරන් යනවා. අවසානෙට ගුණක් දහමක් නොදන්න දරුවන් රටට උරුම වෙලා, මත් ලෝලින් වෙලා, වැඩිහිටියන් හදුනන්නේ නැති පිරිසක් වෙලා , සමාජයෙන් කොන් වුන පිරිසක්, සාර ධර්මවලට පයින් ගහන දරු පිරිසක් මේ රටේ දෙමාපියන් නිර්මාණය කරමින් ඉන්නවා කියන කාරනය අපිට දකින්නට ඇහෙන්නට තිබෙනවා. මම දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා තමන්ගේ දරුවා ලොවක් ජයගන්න ඕනේ. ඒ ජය ගැනීමටම එක්ව දහම් අධ්‍යාපනයත් ලබන්න ඕනේ.
අද දරුවන් සතුටු වෙනවා. ඒ මල් කැකුලුවල පාර අදුරු කරන්න එපා කියන ඉල්ලීම කරනවා. දරුවන්ට දරුවන්ගේ ලෝකය එක් දිනකට පමනක් සීමා නොකර හැමදාල ගබා දෙන්න කියන ඉල්ලීම මම කරනවා යැයි පැවැසීය.
හොරෝව්පොතාන - සිඩ්නි රුවන් උබේපාල
