බෝම්බ සහ ජීව උණ්ඩ ළදරු කිරි බෝතල් බහාලුමක
බෝම්බ සහ ජීව උණ්ඩ තොගයක් ළදරු කිරි බෝතල් බහාලුමක සඟවාගෙන සිටි වැලිපැන්න නවුත්තුඩුව කොලහෑකඩ ප්රදේශයේ සංචාරක මාර්ග උපදේශකවරයෙකු අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.
එම සැකකරු සමග විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ,ටි 56 ජීවඋන්ඩ 16 ක් 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 2 ක් හා බෝර දොළහ වර්ගයේ ජීව උණ්ඩ 2 ක් පොලිස් භාරයට ගෙන ඇත.
වැලි පැන්න පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ජීව අත් බෝම්බ සහ උණ්ඩ සැකකරු පදිංචි නිවසේ ගබඩා කාමරයක සඟවා තිබූ බව පොලිසිය කියයි.
සැකකරුගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී මෙම ජීව උණ්ඩ සහ බෝම්බ මියගිය ඥාතියෙකුට අයත් ඒවා බවට ප්රකාශ කළ බවත් ඔහුගේ සමීප ඥාතියකුද පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය නියුතු සිටින බවටද වැඩිදුරටත් ප්රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි.
30 හැවිරිදි සැකකරු රඳවා ගැනීමේ නියෝග මත ප්රශ්න කිරීමට නියමිතය අතර වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චමින්ද ද සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
