තායිලන්තයේ ෆුකෙට් සිට ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් බෝම්බ තර්ජනයක් හේතුවෙන් ගුවන් ගතව මද වේලාවකට පසුව යළිත ෆුකේට් ගුවන් තොටුපොළ වෙතටම ගොඩ බස්සවා තිබේ.
හදිසි සැලසුම්වලට අනුකූලව AI 379 දරණ ගුවන් යානයේ සිටි මගීන් 156 දෙනා ගුවන් යානයෙන් ඉවත් කර ඇති බව තායිලන්ත ගුවන් තොටුපළ නිලධාරියෙක් පැවසීය.
අහමදාබාද්හිදී එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පසුව මෙම ගුවන් සමාගමට ඇතිවූ දෙවැනි ගැටලුව මෙය වෙයි.
පසුගිය වසරේ ඉන්දියානු ගුවන් සේවා සහ ගුවන්තොටුපළ ව්‍යාජ බෝම්බ තර්ජනවලින් පිරී ගිය අතර, පළමු මාස 10 තුළ එවැනි ව්‍යාජ ඇමතුම් හා සහ පණිවිඩ 1,000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණි.