වැවට විසිකර තිබූ අත් බෝම්බයක් කුඩා දරුවන් තිදෙනෙකු අහුලා ගනිමින් එහි කෑලි ඉවත්කර කුමක්ද යන්න පරික්ෂාකරමින් සිටියදී තම සීයා එය දැක දරුවන්ගේ දිවි ගලවාගත් පුවතක් මැදවච්චිය පොලිස් වසමේ අඟුනොචිචය, පළුකඳවැව ගම්මනයෙන් වාර්තා විය.
මෙලෙස අනතුරට පත් නොවී දිවිගලවාගෙන ඇත්තේ පළුකඳවැව ගම්මානයේ පදිංචි, අනුරාධපුර මාධ්‍ය මහා විදුහලේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි සශේන් අභිසේත් රත්නායක, සිය බාල සොහොයුරා වූ ශෙනෝත් අභිලාස් රත්නායක නැමැති වයස අවුරුදු දෙකා හමාරක කුඩා දරුවා සහ අනුරාධපුර නිවන්තක චේතිය විදුහලේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි 12 වැනි ශ්‍රෙණියේ ඉගෙණුම ලබන දැහැමි ජනන්දනා රූපසිංහ නැමැති දරුවන් තිදෙනාය.
පසුගියදා(05) සවස මැදවච්චිය ප්‍රාදේශිය ලේකම්බල ප්‍රදේශයේ තුලාන අංක 70 අඟුනොචිචයේ පිහිටි පළුකඳවැව ගම්මානයේ වැවට යාබඳව ඇති වෙල් යාය කිසියම් පිරිසක් විසින් ගිණි තාබා ඇත. එම ගිණි ගැනීම හේතුවෙන් පිඹුරෙකු පිළිස්සි සිටුණු දැක ගම්වාසීන් එය බැලීමට වැවට ආසන්නව පිහිටි වෙල් යායට ගොස් ඇත.
මෙම දරුවන් තිදෙනාද එම ස්ථානයට තම සීයා සමග ඒ මොහොතේ ගොස් ඇති අතර එහි සිටි වයස අවුරුදු දෙකාහමාරක් වයසැති කුඩා පිරිමි දරුවා වැව දෙසට දිවගොස් ඇත. මල්ලිව රැගෙන ඒමට වැව දෙසට දිවගිය 11 හැවිරිදි සශේන් අභිසේත් රත්නායක නැමැති වැඩිමහල් දරුවාද පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් එම දෙදෙනාම රැගෙන ඒමට 16 හැවිරිදි දැහැමි ජනන්දනා රූපසිංහ නැමැති ඥාති දියණිය ගොස් ඇත.
අනතුරුව තිදෙනාම ප්‍රමාද වීමත් සමඟ සීයා ඒ දෙසට ගොස් ඇති අතර ඒවන විට දරුවන් මෙම අත් බෝම්බය රැගෙන සෙල්ලම් කරමින් සිටිණු දැක ඇත. සීයා එය දුටු විගස කෑ ගසා දරුවන්ට එය වීසිකරන ලෙසට දන්වා ඇති අතර ඒ මොහොතේ දරුවන් එය ඉවත දමා ඇත. අනතුරුව එම අත්බෝම්බය හමු වූ ස්ථානය පිළබඳව දරුවන්ගේන් විමසා බැලීමේදී වැවි ඉවුරට ආසන්නව ජලයේ ගෑවී නොගෑවී තිබෙන අයුරින් මෙම ජීව අත් බෝම්බය තිබූ බවත් එය බෝම්බයක් බව නොදන්නා දරුවන්ගෙන් වැඩිමහල් පිරිමි දරුවා වූ 11 හැවිරිදි සශේන් අභිසේත් රත්නායක නැමැති දරුවා අතට ගෙන පරික්ෂාකර බලා ඇති බවත් පවසා ඇත.
ඔවුන් එය වතුර මෝටරයකට සවිකරන ෆුට් වෑල් එකක්යැයි සිතා ගලක ගසා ආවරණය ඉවත්කර එහි තිබූ පින් එක ඇද අති අතර එම පින් එක ඉවත් කරගැනීමට පෙර මෙම දරුවන්ගේ සීයා වූ සිරිපාල සෙනවිරත්න මහතා දුටු බවද දරුවන් පවසා ඇත. අනතුරුව සීයා විසින් දරුවන් තිදෙනාම ආරක්ෂිත ස්ථානයකට ගොස් ඇත.
ඒ පිළිබද මෙම සීයා විසින් ගම්වාසීන් දැණුවත්කර මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ඒ.ඒ.කේ.එස් අධිකාරි මහතා දැණුවත්කර ඇත. ඒ මොහොතේම ස්ථානාධිපතිවරයා ප්රමුඛ පොලිස් කණ්ඩායමක් පැමිණි මෙම අත් බෝම්බය සිය බාරයට ගෙන ඇත. ඒ අනුව කළ මූලික පරික්ෂණවලදී මෙම අත් බෝම්බය මීට දින කිහපයකට පෙර විසි කර ඇති බව අනාවරණය වූ බවත් දරුවන් අතේ මෙම අගාස් වර්ගයේ අත් බෝම්බය පිපිරීමේ සම්භාවිතාවට වැඩි ඉඩකඩක් තිබුණ බවත් අප කළ විමසීමේදී පොලීසිය ප්‍රකාශ කළේය.
සිඩ්නි රුවන් උබේපාල

