පරිසර අමාත්‍යාංශයට අයත් GSMB-TS පුද්ගලික සමාගම විසින් මේ දිනවල මුලතිව් දිස්ත්‍රික්කයේ වැව් 75ක් ආශ්‍රිතව සුහුරු වාරි ව්‍යාපෘතිය යටතේ ඉංජිනේරුමය සමීක්ෂණයක් සිදු කරනු ලබයි.
මෙම වැව්වලින් බහුතරයක් කැළෑබදව පිහිටා ඇති අතර එම සමීක්ෂණය සඳහා GSMB-TS සමාගමේ නිලධාරින් මෙන්ම සහායක කණ්ඩායම් ද සහභාගි වෙති.
මේ අතර ඊයේ (05දා) ඔඩ්ඩුසුඩාන් එම්බයිකුලම් වැවේ සමීක්ෂණ කටයුතුවල සිව්දෙනෙක් නිරතවෙමින් සිටියදී බෝට්ටුව පෙරළීයාම නිසා ඉන් එක් සහායක කණ්ඩායමකට අයත් පුද්ගලයෙක් මරණයට පත්ව තිබේ. මෙසේ මරණයට පත්ව ඇත්තේ 25 හැවිරිදි එන් . ඩිලුක්සන් නැමැති ඔඩ්ඩුසුඩාන්, මතියපුරම් ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් යැයි GSMB-TS ආයතනය පවසයි.