නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ගොස් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශවල අත්අඩංගුවට ගතහොත් එම බෝට්ටු ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් ගිනි තබා විනාශ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.
එසේම මේ වසරේ ගතවූ දින වකවානුව තුළ නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ 399ක් අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
නීතිවිරෝධීව වෙනත් රටවල්වලට සංක්‍රමණයවීමට උත්සාහ කරන පුද්ගලයන්ට හා ජාවාරම්කරුවන්ට සිරදඩුවම් පවා නියම කිරීමට හැකියාව ඇති බව ඔහු වැඩිදුරටත් පැවැසීය.