බොල්ගොඩ ගඟ රක්ෂිතයේ එළිපෙහෙළි කිරීම්, ගිනි තැබීම් ගොඩ කිරීම් සහ ඉදිකිරීම් බහුලව සිදු වීම හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදුව ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් රක්ෂිතය ආසන්නයේ ගැවසෙන පක්ෂීන් සහ අනෙකුත් සතුන්ට යන එන මං නොමැති ව ඔහු මියගොස් වඳ වීමේ තර්ජනයකට මුහුණ පා ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ රැකවරණය මධ්‍යයේ බොල්ගොඩ රක්ෂිතය එළි පෙහෙළි කර තහඩු වලින් විශාල මඩුවක් ද ඉඳිකර ඇති අතර ඊට අමතරව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බොල්ගොඩ ගඟ රක්ෂිත සීමා මායිම්වල අනවසර දෙමහල් ගොඩනැගිලි , විහාරස්ථාන බවට හැඟවෙන ස්ථාන ඇතුළු ඉදිකිරීම් රැසක් සිදු ඇතැයි එහි සංචාරය කිරීමේදී දැක ගත හැකි විය.
මෙම සියලුම ඉදිකිරීම් ගොඩ කිරීම් වල පසුපස ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලඥයන් සිටින බවත් රාජ්‍ය නිලධාරීන් මීට එරෙහිව කටයුතු කිරීමෙන් ඉකුත් කාලය පුරා විවිධ බලපෑම් වලට ලක්ව ඔවුන්ට ස්ථාන මාරු පවා ලබාදීමට කටයුතු කර තිබූ බවත් ප්‍රදේශවාසීහු පැවසූහ
මේ පිලිබද බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් දිස්නා ජයසිංහ මහත්මියගෙන් විමසීමේ දී මෙසේ පැවසීය.
බොල්ගොඩ ගඟ රක්ෂිතය කේන්ද්‍ර කොටගෙන විවිධ තරාතිරමේ පුද්ගලයන් ඉදිකිරීම් ගොඩ කිරීම් සිදුකරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබුණා.
ඒ අනුව මීට දින කීපයකට ඉහතදී මධ්‍යම පරිසර අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ගේන් සමන්විත කණ්ඩායමක් සමඟම පුද්ගලිකවම බොල්ගොඩ ගඟේ රක්ෂිතයට සිදුකර ඇති සිදු කර ඇති හානිය පිළිබඳ සොයා බැලීමට ඒකාබද්ධ පරීක්ෂණ නිරීක්ෂණ චාරිකාවක යෙදුන අතර එහි පොදු වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියට යොමුකර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා.
