සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බාල සොහොයුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ . ඔහු ඩුබායි දේශයේ රැකියා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි තුනක් අනුව එසේ ඔහු මහනුවර මූලස්ථාන පොලීසියේ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි දේශයේ රැකියා ලබා දෙන බව පවසමින් ඔහු රුපියල් ලක්ෂ 2 ½ ක්, රුපියල් 100,000 ක් සහ 50,000ක් ඔහු විසින් වංචා කොට ඇති බවට ගලගෙදර සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනකු විසින් කරන ලද පැමිණිලි වලට අදාළව ඔහු එසේ අත්අඩංගුවට ගෙන තිබේ.
රැකියා සඳහා පිටත්ව යාමට ඔහු ව්‍යාජ වීසා බලපත් පවා පැමිණිලිකරුවන්ට නිකුත්කොට තිබී ඇති අතර මහනුවර මූලස්ථාන පොලිසියේ වංචා විමර්ශන අංශය මගින් එම වීසා බලපත් සම්බන්ධයෙන් ඩුබායි තානාපති කාර්යාලයෙන් කර ඇති සොයාබැලීමකදී එම වීසා බලපත් ව්‍යාජ ඒවා බවත් එවැනි වීසා ඔවුන් විසින් නිකුත් කොට නොමැති බවත් පොලිසියට තහවුරු කොට තිබෙන බව පොලීසිය කියයි. සැකකරු අද (18) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ෂේන් සෙනෙවිරත්න