රුපියල් මිලියන 1,906 ක වියදමින් ඉදිකල බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ 08 මහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම අද (24) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
මෙරට ප්‍රධානතම ආයුර්වේද ජාතික රෝහල වන බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ නව ඉදිකිරීම් නිසාවෙන් රෝගීන් 360 දෙනෙකු සදහා නේවාසික පහසුකම් ලබාගත හැක.



