බොරැල්ලේ සිරිසුමන හිමියන්ව ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (02දා) නියෝග කළේය .
තිළිණි ප්‍රියමාලි විසින් ව්‍යාපාරිකයකුට රුපියල් මිලියන 750 ක් වංචා කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන්ව ඊයේ (01දා) අත්අඩංගුවට ගෙන තිබුණි.