ලෝක වෙළදපොළ තුළ බොරතෙල් මිල පහළ ගියත් මෙවර ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොකිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තිරණය කර ඇති බව වාර්තා වෙයි.
ඉන්ධන මිල සූත්‍රය අනුව ඊයේ දිනයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමට නියමිතව තිබුණත් එසේ මිල සංශෝධනයක් සිදු නොවුණි.
මේ අනුව ඉන්ධන මිල දැනට පවතින මිල මට්ටමේම ලබන මස 01 දා තෙක් පැවැත්වෙනු ඇත. සෑම මසකම 01 දා 15 දා ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය කෙරෙයි.