ලෝක වෙළෙඳපොළෙ තුළ බොර තෙල් මිල තවදුරටත් පහළ බැස තිබේ. ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීම මේ සඳහා ප්‍රධාන හේතුව වි ඇති අතරම එක්සත් ජනපදය සිය උද්ධමනය පාලනය කිරීම වෙනුවෙන් පොලී අනුපාත ඉහළ නැංවීමද මේ සඳහා තවත් හේතුවක් වී තිබේ.
මේ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 94.45 දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 87.90 දක්වාත් අඩුවී තිබේ.