බ්‍රහස්පතින්දා අලුයම තෙල් මිල අඛණ්ඩව පස්වන දිනටත් ඉහළ ගොස්, මාස දෙකකට ආසන්න කාලයක් තුළ බොරතෙල් බැරලයකට ඉහළම මිල වාර්තා විය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල බැරලයකට ඩොලර් 98ක් දක්වා ඉහළ ගියේය.
මේ සඳහා ආසන්තම හේතුව වූයේ රතු මුහුදේ ගමන් ගත් සෞදි තෙල් නැව් දෙකකට හූති සටන්කරුවන් ප්‍රහාර එල්ල කිරීමය.
ඉරානයට පක්ෂපාතී හූතිවරු රතු මුහුදෙන් සහ බාබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියෙන් සෞදි අරාබියේ තෙල් අපනයනය ඉලක්ක කර ගන්න බව ප්‍රකාශ කළ අතර ඒ සඳහා ඉරාන අනුග්‍රහය ලැබෙයි.
