බේරුවල ප්‍රා.ලේකම් කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් 445 දක්වා ඉහළට
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පසුගිය ඔක්තෝබර් 28 දින සිට දෙසැම්බර් 26 දින වන විට ගතවූ මාස දෙකක කාලය තුළ කොරෝනා ආසාදිත වූවන් 445 දෙනෙකු වාර්තා වී ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (27) පැවසීය.
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවන කොරෝනා රැල්ලෙන් හමුවූ පළමු රෝගියා දියලගොඩ ග්‍රාම නිලධාරි වසමෙන් වාර්තා වී ඇති අතර මේ වන විට ගතවූ මාස දෙකකදි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 82න් ග්‍රාම නිලධාරි වසම් 60කින් කොරොනා රෝගීන් 445 දෙනෙකු වාර්තා වී ඇතැයි ඒ මහතා සදහන් කරයි.
ඉකුත් සිකුරාදා නත්තල් දින (25) වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයා මාස තුනක පිරිමි දරුවෙකු වන බවත්, ඒ මග්ගොන ප්‍රදේශයෙන් බවත් සදහන් කරයි.
මේ අතර ඊයේ (26) වන දින බේරුවල පොලිස් වසමට අයත් ග්‍රාම නිලධාරි වසම් හයකින් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 25දෙනෙකු වාර්තා වී ඇති අතර පයාගල පොලිස් වසම තුලින් එදිනම කොරෝනා රෝගීන් දෙදෙනකු වාර්තා වීමත් සමග ඊයේ දින පමණක් බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු වාර්තා වී තිබේ .
ඔක්තෝබර් 28 දින සිට නොවැම්බර් 28 දින තෙක් කොවිඩ් ආසාදිතයන් 92ක් ද, දෙසැම්බර් 01 දින සිට ඊයේ (26) දින තෙක් ගතවූ දින 26ට කොරොනා ආසාදිතයන් 353දෙනෙකු වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අලුත්ගම පොලිස් වසමට අයත් දර්ගානගරයත්, බේරුවල පොලිස් වසමේ මහගොඩ ,මරදාන ,චීන කොටුව ,මාලිගාහේන යන ප්‍රදේශ හා පයාගල පොලිස් වසමට අයත් අක්කරමලෙයි හා මග්ගොන යන ප්‍රදේශයන් වලිනි.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
