බේකරි හිමියෝ බිත්තර ආනයනයට අවසර ඉල්ලති
අධික ලෙස ඉහළ යන බිත්තර මිල හමුවේ බේකරි කර්මාන්තය පවත්වාගෙන යාමේ දැඩි ගැටලුවක් ඇති වී තිබෙන මේ මොහොතේ තමන්ට බිත්තර ආනයනය කිරීමට අවසර දෙන ලෙස සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඊයේ (31) දින මාධ්‍ය හමුවක් කැදවමින් රජයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී එන්.කේ ජයවර්ධන මහතා අවධාරණය කලේ ඉන්දියාව හා පකිස්ථානයෙන් බිත්තර ආනයනය කිරීමට තම සංගමයට අවසර දෙන්නේ නම් රුපියල් 30/= ත් 35/= ත් අතර මිලකට බිත්තර ලබා දීමට තමන්ට හැකි බවය.
බිත්තර මිල මේ වනවිට රුපියල් 70/= පමණ මිලකට ඉහළ ගොස් ඇති නිසා පාන් හැර අන් සියලුම බේකරි නිශ්පාදන වල මිල ඉහළ දැමීමට බේකරි කරුවන්ට සිදු වන බවද ජයවර්ධන මහතා මෙහිදී පැවසීය.
ලොරි වලින් ගෙනත් රුපියල් 55/= කට බිත්තර අලෙවිකරන බව කියමින් කරන නාටකය නතර විය යුතු බවද හේ මාධ්‍ය හමුවේදී පැවසීය. බිත්තර ආනයනය කිරීමට අවසර දීමට රජයට එක පෑන් පහරින් කල හැකි බවද ජයවර්ධන මහතා කීය.
ප්‍රසංග පෙරේරා
popular news
-
Dayan Sunday, 01 January 2023 06:21 AM
This is not a fair and reasonable request. We are in present-day crisis because of this attitude.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

