විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීම අභියෝගයකට ලක්ව ඇති බවත් ඒ අනුව ඖෂධ නොමැති වීමෙන් සිදුවන සෑම මරණයකම වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා භාර ගත යුතු බවත හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
පක්ෂ 11ක නියෝජිතයන් සමග කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම ජනතාව පෝලිම්වල රැදී සිටිමින් සිදුකරන අදෝනාවල වගකීමද මුදල් අමාත්‍යවරයා භාර ගත යුතු බවද ඔහු පැවැසීය.