බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරුගේ බිරිඳ අල්ලයි - වෙඩික්කරු ඩුබායි වෙත පැන ගිහිල්ලා?
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පුද්ගලයින් 05 දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාගේ බිරිඳ සහ පියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
පල්ලෙවෙල පොලිස් වසමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්අඩංගුවට ගෙන තිබේ. බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු දැනට නාවික හමුදාවෙන් විශ්‍රාම වැටුප් ලබන හිටපු නාවික හමුදා භටයෙක් බවට තොරතුරු අණාවරණය කරගෙන තිබේ.
මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරුගේ වයස අවුරුදු 39ක් වන බිරිඳ හා එයට අනුබල දුන් වයස අවුරුදු 72ක් වන පියා ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් ග්‍රෑම් 21යි මිලි ග්‍රෑම් 350 ක් සමග ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන්ගෙන් කරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී ප්‍රධාන වෙඩික්කරු වන විශ්‍රාමික නාවික හමුදා සෙබළා ජනවාරි මස 21 වන දින බස් රථයෙන් බෙලිඅත්ත ප්‍රදේශයට පිටව ගොස් 22 වන දින තවත් වෙඩික්කරුවන් දෙදෙනෙකු සමග මෙම ඝාතනය සිදු කර ඩුබායි රාජ්‍යය වෙත පළාගොස් ඇති බවටත් පවසා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

