බෙලිඅත්තෙන් දුම්රියට 267ක්
ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට විශාල මගීන් පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට කොළඹ බලා දුම්රියන් දෙකක් ධාවනය කෙරිණි. අළුයම 5.10 බෙලිඅත්තේ සිට මරදාන බලා නගරාන්තර සීඝ්රගාමී දුම්රිය සහ අළුයම 5.20ට සාගරිකා දුම්රිය ගමන් ආරම්භ කිරීමට තිබුණද නගරාන්තර සීඝ්රගාමී දුම්රිය පෙරවරු 5.45ටත් සාගරිකා දුම්රිය පෙරවරු 5.55ටත් ගමන් ආරම්භ කෙරිණි.
දුම්රියෙන් යාමට විශාල මගීන් පිරිසක් පැමිණ සිටි අතර මොවුන් සියලු දෙනාටම දුම්රියෙන් යාමට අවස්ථාව ලබා දීම හේතුවෙන් දුම්රිය ගමන් ආරම්භ කිරීමේ සුළු ප්රමාදයක් සිදුවූ බව දුම්රිය කාර්යය මණ්ඩලය පැවසීය.
ඒ අනුව නගරාන්තර සීඝ්රගාමී දුම්රියේ මගීන් 112 දෙනකුද සාගරිකා දුම්රියෙන් මගීන් 155 දෙනකුද බෙලිඅත්තෙන් පිටත් විය.
නගරාන්තර සීඝ්රගාමී දුම්රිය ඉකුත් මාර්තු 20 වැනිදා ගමන් කිරීමෙන් අනතුරුව මාස දෙකකට වැඩි කාලයකට පසු අද දින ගමන් කළේය.
අනීෂා මානගේ






popular news
-
janahitha Tuesday, 26 May 2020 08:41 AM
රතු පට ඉතාම අසුබවාදී පෙනුමක් දෙනවා සියලුම දුම්රිය මැදිරි එකම වර්ණයකින් වර්ණ ගන්වන්නේ නම් මැනවි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

