බෙංගාල බොක්කේ අඩුපිඩන කලාපයක් නිර්මාණය වෙයි
ඔක්තෝබර් මස 13 වන දින වන විට, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍ර දේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ සහ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍ර දේශවල වැසි තත්ත්වයේ වැඩි විමක් හෙට දින (13) සිට ඉදිරි දින කිහිපයේදි බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අද රාත්‍රී:
දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව හා වයඹ පළාත්වලත් අනුරාධපුරය හා මන්නාම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද් වැසි ඇති විය හැක.
හෙට දින
දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. මධ්‍යම, සබරගමුව, ඌව හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. (100-150) ක පමණ තද වැසි ඇති විය හැක. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

