බෘෘක්ගේ ප්‍රකාශයට චරිත්ගෙන් පිළිතුරක්
කොළඹ පැවති දෙවන එක්දින තරගයේදී ආර් ප්‍රේමදාස පිටියේ තණතීරුව තමන් ක්‍රීඩා කළ නරකම තණතීරුව බවට එංගලන්ත නායක හැරී බෲක් කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක අද පිළිතුරුදුන්නේය.එංගලන්ත නායකයාගේ ප්‍රකාශය ප්‍රශ්න කරමින් චරිත් පැවැසුවේ එම තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු ලකුණු 440ක් රැස් කළ බවයි.
"ඒ ඔහුගේ මතයයි - මගේ මතය ටිකක් වෙනස්. ඔහු මෙය දැක ඇති නරකම තණතීරුව යැයි පවසන්නේ නම්, එය ඔහුට
දැනෙන දෙයක්. නමුත් කණ්ඩායම් දෙක ලකුණු 440ක් රැස් කළා. 2023 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව හා ඒංගලන්තය අතර පැවති අඩු ලකුණු ලබා ගත් තරගයක් ගැන අසලංක මෙහිදී සිහපත් කළේය. බැංගලෝර්හි පැවති එම තරගයේදී, ශ්‍රී ලංකාව කඩුලු අටක ජයග්‍රහණයක් ලබා ගැනීමට පෙර එංගලන්තය ඕවර 34 ක් ඇතුළත ලකුණු 156 කට දැවී ගියේය. බෲක් එම තරගයට ක්‍රීඩා නොකළ නමුත් කණ්ඩායමේ සාමාජිකයෙක් විය.
"ඔබ 2023 ලෝක කුසලානය බැලුවහොත් - ඔවුන් එම තරගයේදී ලබා ගත්තේ ලකුණු 180 ක් [ඇත්ත වශයෙන්ම 156] ක්. කිසිවෙකු තණතීරුව ගැන කිසිවක් කීවේ නෑ. ඔහු දැන් මෙය පවසන්නේ ඇයිදැයි මම දන්නේ නෑ. ඊළඟ තරගයෙන් පසුව කියන දේ අපි බලමු. දෙවන තරගයේ තණතීරුව එහෙම වෙයි කියලා මම හිතුවේ නැහැ.
පළමු තරගයේදී අපි 270-280ක් ලබාගෙන තිබුණා. ඊට වඩා අඩු ලකුණු ලබා ගැනීමට කිසිවෙකු කැමති නැහැ, මොකද ඔබ ඔබේ පන්දු යවන්නන්ට ආරක්ෂා වීමට යමක් දිය යුතුයි. අවාසනාවකට මෙන් දෙවන තරගයේ තණතීරුව පළමු තරගයට වඩා වෙනස් වී තිබුණා.
කෙසේ වෙතත්, එය තවමත් ලකුණු 220ක තණතීරුවක් නොවේ . පිතිකරණයේදී මගේ ඉලක්කය වූයේ ලකුණු 250ක් හෝ 260ක් ලබා ගැනීමයි."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

