ඊයේ (8)පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසෙහි සිර මැදිරි 46 පරීක්ෂාවට ලක් කොට ඇත. එහිදී පහත සඳහන් රැඳවියන් රඳවා සිටින සිර මැදිරි තුල තිබී පහත පරිදි ජංගම දුරකථන 04, චාජර් 01 , ඩේටා කේබල් 04 සිම්පත් 03 හා ඇඩැප්ටර් 01 හමුවී ඇත.
01. ඉම්රාන් කංජිපානි ඉම්රාම් (අංක 06 සිර මැදිරිය)
NOKIA වර්ගයේ කුඩා ප්රමාණයේ ජංගම දුරකථන 01යි
එහි සිම්පත් 2 තිබී ඇත. තවද චාජර් 01 ක් සහ ඇඩැප්ටර් 01 ක් හමුවී ඇත.
02. ශානුක මධුෂාන් නොහොත් ඕලුමරා (අංක 11 සිර මැදිරිය)
NOKIA වර්ගයේ කුඩා ප්රමාණයේ ජංගම දුරකථන 01 යි. මෙම ජංගම දුරකථනයෙහි සිමිපතක් අඩංගු වී නොමැති අතර ඩේටා කේබල් 01ක් හමුවී ඇත.
03. චමින්ද රවි ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද (අංක 38 සිර මැදිරිය)
NOKIA වර්ගයේ කුඩා ප්රමාණයේ ජංගම දුරකථන 01 යි.
මෙම ජංගම දුරකථනයෙහි සිමිපතක් අඩංගු වී නොමැති අතර ඩේටා කේබල් 01ක් හමුවී ඇත.
04. ජනිත් මදුසංඛ නොහොත් පොඩි ලැසී (අංක 46 සිර මැදිරිය)
ජංගම දුරකථන 1 යි Huewei p50 pocket වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකථනයකි.
මෙම ජංගම දුරකථනයෙහි සිමිපතක් අඩංගුව තිබී ඇති අතර සිම්පතෙහි වර්ගය මකා දමා ඇත.
තවද ඩේටා කේබල් 02ක් හා කළුපැහැති Hands Free 01ක් හමුව ඇත.
මෙම ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ විශේෂ කාර්ය බලකා නිලධාරින් භාරයේ ඇත. මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරයි.
සුසිල් ප්රියන්ත