ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හෙරොයින් සඟවා සිටි නියාමකවරයෙකු අද (5) බන්ධනාගාර අධිකාරිවරයාගේ බාරයට ගෙන ඇත.
සියලු නිලධාරින් අද රාජකාරියට යාමට පෙර අධිකාරිවරයා විසින් පෙරෙට්ටුවක් පවත්වා ඇති අතර එහිදි විශේෂ අංශයේ රාජකාරි කරණ නියාමකවරුන් තිදෙනා පෙරෙට්ටුවෙන් ඉවත් කර ඔවුන් පරික්ෂා කිරීම සදහා පැරණි අංශය තුලට ගෙන ගොස් ඇත.
එහිදි ඇතිවු සැකය මත අධිකාරිවරයා මෙම නියාමකවරයාගෙන් දීර්ග ලෙස ප්‍රශ්ණ කිරීමේදි ඔහු පවසා ඇත්තේ සඟවාගෙන සිටි මත්ද්‍රව්‍ය පැරණි අංශය තුලට ඒමට පෙර ප්‍රධාන දොරටුව අසල බිම දමා පැමිණි බවය.එම හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 07 මිලි ග්‍රෑම් 180ක ප්‍රමාණයක් බවට අනාවරණයවි ඇත.
හක්මන බටහිර ඇල්ලවෙල පදිංචි 35 හැවිරිදි මෙම සැකකාර නියාමකවරයා ඉදිරි විමර්ශණ කටයුතු සඳහා රත්ගම පොලිසියට බාරදීමට නියමිතව ඇත.
අහංගම සුමතිපාල දියගහගේ