කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය හංවැල්ල ආපනශාලා හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතන නමයකට අවශ්‍යව සිටි "බුරු මුනා" නැමැත්තාට නවාතැන් පහසුකම් ලබා දුන් බව කියන අඹු සැමි යුවල අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකාර යුවළ පලාගිය තිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු නාවික හමුදා සෙබලෙක් වන බණ්ඩාරගම මිල්ලනිය මල්වත්ත පාර පදිංචිකරුවෙකි.
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකාර යුවළ නුවරඑළිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.
හංවැල්ල ආපන ශාලා හිමිකරු දෙසැම්බර් මස 18 වන දින ඝාතනය කිරීමෙන් අනතුරුව වෙඩික්කරු වන බුරු මුනා නැමැත්තා සැඟවී සිටියේ සිටියේ සැකකාර අඹුසැමි යුවළ පදිංචි මිල්ලනිය මල්වත්ත පාර නිවස තුළයි.
අත්අඩංගුවට ගත් සැකකරු නාවික හමුදාවේ සේවයට වාර්තා නොකර සිටි පුද්ගලයෙකි
බුරු මුනා නමැත්තා ඉකුත් මස 24 වැනි දින මෙම සැකකරු සමඟ කටුනායක ගුවන්තොටුපල වෙත ගොස් කෝරළගේ කංකානම්ලාගේ රවිදු වර්ණ රංග යන ව්‍යාජ නමකින් ඩුබායි රට බලා යාමට පැමිණි අවස්ථාවේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපල පොලිසිය වෙත බාර දී තිබිනි
ඉතින් එම ගුවන් තොටුපල පොලීසිය වෙත පැමිණි හෙට්ටිපොළ ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරුන් දෙදෙනෙක් සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මුදා ගෙන ගොස් තිබිණි
බුරු මුනා නැමැති සැකකරු අත්අඩංගුවට පත්වීමත් සමගම මෙම සැකකරු පවුලේ සියලුම දෙනා සමග මිල්ලනිය ගුන්ගමුව මල් වත්ත පාර නිවසින් අතුරුදන් විය
විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ආකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මගේ මේ වීමෙන් පොලිස් පරීක්ෂක මධුරංග මහත්වරු ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි
පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගිය බුරු මුනා නැමැත්තා සැඟවී සිටියේ අඹුසැමි යුවළ පදිංචි මෙම නිවස තුළයි