නානුඔය ප්රදේශයේදි බූම් ට්රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්රපාතයට පෙරලිමෙන් එම බූම් ට්රක් රථයේ පසුපස ගමන් ගත් අයෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු අද(23දා) දින මියගොස් ඇති බව නානුඔය පොලිසිය පැවසිය.
මෙම අනතුරින් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ගිනිගත්හේන ප්රදේශයේ පදිංචි එස්.පණ්ඩුක (44) හැවිරිදි දෙදරු පියෙකි.
නුවරඑලියේ සිට බූම් ට්රක් රථයේ නානුඔය පොලිස් වසමට අයත් රදැල්ල වතු යායේ වංගි වත්ත පහල කොටසේ කපා ඇති දැව කදන් රැගෙන යාමට ධාවනය කරමින් සිටින අවස්තාවේ බූම් ට්රක් රථය වතු මාර්ගයෙන් ඉවතට පැන අද (23දා) උදැසන මෙම අනතුර සිදු වි ඇති බවයි නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක සුගත් විජේසුන්දර මහතා කියා සිටියේ.
බූම් ට්රක් රථය අනතුරට පත් වන අවස්තාවේ ට්රක් රථයේ රියදුරා , රිය සහයකයා සහ බූම් ට්රක් රථයේ පසුපස පස්දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරෙන් බරපතල ලෙස තුවාල ලබා ඇත්තේ ට්රක් රථයේ පසුපස ගමන් ගත් අය බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලිසිය පරික්ෂණ පවත්වයි.

