මෙරට බුද්ධිමත් තරුණ පරම්පරාව රට හැර යන තත්ත්වයට පත්ව ඇති බවත් බුද්ධිගලන ඛේදවාචකයට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (6දා) කොළඹදී සඳහන් කළේය.
ගුවන් සේවා ආයතනවල නියෝජිතයින් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවති හමුවකදී ඔහු මේ බව පැවසීය.
ජාතික සංවර්ධන වැඩපිළිවෙළක් සහ මාර්ග සිතියමක්, කාල වකවානු සහිතව ක්‍රියාත්මක නොකරන තාක්කල් රට ගොඩනැගිය නොහැකි බවත්, ඒ සඳහා අලුත් වරමක් සහිත, ස්ථාවර රජයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.