බීමතින් විභාග රාජකාරියට ආපු සැරයන් අත්අඩංගුවට
සමාන්‍ය පෙළ විභාගය සඳහා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සම්බන්ධිකරණ මධයස්ථානයේ විභාග පශ්ණ පත්‍ර ආරක්ෂක රාජකාරි සදහා යොදවා තිබු අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන සාජන් වරයෙකු ඊයේ (3) පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
ප්‍රශ්න පත්‍ර ආරක්ෂා කිරීමේ රාජකාරියට යොදවා සිටි මේ පොලිස් සාජන්වරයා බීමතින් සිටින්නේ යයි ලැබුණු තොරතුරකට අනුව ඔහු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගැණුන බවද පොලීසිය කියයි.
මේ සැකකාර පොලිස් සැරයන්වරයා එම ස්ථානයෙන් දිවා කාලයේ සිට සිවිල් ඇදුමින් රාජකාරි ගිනි අවියද රැගෙන පිටව ගොස් ඇති අතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකතුමා විසින් ස්ථාන පරික්ෂාවක් සිදු කිරීමේදි රාජකාරි ස්ථානයේ සිට නොමැති අතර පසුව පස්වරු 4.40 ට පමණ නිලධාරියා බීමතින් සම්බන්ධිකරණ මධයස්ථානයට පැමිණෙන අවස්ථාවේදි ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකාර සාජන්වරයා රැගෙන ගිය ගිනි අවිය අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ භාරයට ගෙන තිබේ. වැඩිදුර පරික්ෂණ කටයුතු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

