ආණමඩුව තෝනිගල පොලිස් මාර්ග බාධකයේ බිමතින් රාජකාරි කල පොලිස් සැරයන් වරයකු එම මාර්ග බාධකය හදිසි පරික්ෂාවකට ලක්කල ආණමඩුව පොලිස්ථානාධිපතිවරයාගේ අතටම අසුවිමේන් පසු පොලිස් භාරයට ගෙන වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කිරීමට 15 දින සවස කටයුතු කර තිබුුු.ණි
මෙලෙස බිමතින් රාජකාරි වල නිරතව ඇත්තේ ආණමඩුව පොලිස්ථානයට අනුයුක්තව තෝනිගල මාර්ග බාධකයේ රාජකාරි වල යොදවා සිටි අවුරුදු 59 ක් පමන වයසැති කුරුණැගල ප්‍රදේශයෙ පදිංචි විවාහක පොලිස් සැරයන්වරයකු බව කියයි.
අදාල පොලිස් සැරයන්වරයා මාස කිපයකට පෙර ආණමඩුව පොලිස්ථානයට අනුයුක්ත කර ඇති අතර ඉන් පසු විවිධ රාජකාරි සදහා යොදවා සිට ඇති බවත් 15 දින තෝනිගල මාර්ග බාධකයට රාජකාරි සදහා යොමු කර සිටි බවද පැවසෙයි.
කෙසේ නමුත් එම රාජකාරියට පැමින ඇත්තේද බිමතින් බවද ඉන් පසුව බීමත් රාජකාරි වල යෙදි ඇති බවද කියයි.පසුව අදාල පොලිස් මාර්ග බාධකය ආණමඩුව පොලිස්ථානාධිපතිවරයා හදිසි පරික්ෂාවකට ලක්කර ඇත්තේ 15 දින සවසය.
ඒ වන විට මෙම පොලිස් සැරයන්වරයා රාජකාරි වල යෙදිමට පවා නොහැකි ආකාරයෙන් බීමතින් කටයුතු කරමින් සිට ඇති බවත් ඉන් පසුව පොලිස්ථානාධිපතිවරයාගේ භාරයට මෙම සැරයන්වරයා ගෙන ආණමඩුව මූලික රෝහලට වෛද්‍ය පරික්ෂණයකට යොමු කර තිබේ.
එහිදි සිදුවු වෛද්‍ය පරික්ෂණයෙදී ද බීමතින් සිට ඇති බවට වෛද්‍ය වාර්තා මගින් සනාථ වී තිබේ. පසුව අදාල පොලිස් සැරයන්වරයා සම්බන්ධව ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කර ඉදිරි විමර්ශන කටයුතු සිදුකර තිබේ.
කෙසේ වෙතත් මෙම පොලිස් නිළධාරීයා සම්බන්ධව විනයානුකුල පරික්ෂණ ආරම්භ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කිරීමට ආණමඩුව සහකාර පොලිස් අධිකාරි වරයා කටයුතු කරමින් තිබුනී.