හංවැල්ල ආටිගල ප්රදේශයේ දී කැලණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ.
මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ 20 හැවිරිදි පාදුක්ක ප්රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.
මෙම තරුණයා තවත් දෙදෙනෙකු සමඟ ඊයේ (16) සවස මෙලෙස කැලණි ගඟට දිය නෑමට ගොස් ඇති බව පොලීසිය පවසයි.
ඔහු සේවය කළ ටයර් වෙළෙඳසැලේ උපන්දින සාදයක් පවත්වා මත්පැන් පානය කර පසුව මෙලෙස දිය නෑමට ගොස් ඇති බව අනාවරණ වී ඇත.
අතුරුදන් වූ පුද්ගලයා සේවීමේ කටයුතු හංවැල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.