මහරගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයෙක් බීමත්ව පැදවූ මෝටර් රථයක් බත්තරමුල්ල ප්රදේශයේ දී මෝටර්ව රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්රිරෝද රථ රියදුරු මියගොස්න ඇතැයි පොලිසිය පවසයි
ඉකුත් (1) රාත්රියේ සිදු වු අනතුරින් තුවාල ලැබූ ත්රීරෝද රථ රියදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (02) මියගොස් ඇත.
ඉකුත් (01) රාත්රී 10.30ට පමණ බත්තරමුල්ල – පන්නිපිටිය මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත .
මල්වානේ පිඩලිවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක් වන කේ.එම්.එල්. සමරවීර (54) නැමැති ත්රීරෝද රථ රියදුරු මෙසේ මියගොස් ඇත.
පොලිස් පරීක්ෂකවරයා රාජකාරි විවේකය ලබාසිටියදී බීමතින් මෝටර් රථයක් ධාවනයකර ඇති අතර එය මාර්ගයේ නවතා තිබූ තවත් මෝටර් රථයක ගැටී ඇත.
පොලිස් පරීක්ෂකවරයාගේ මෝටර් රථෙය ගැටුණු සෙසු රථය ඉදිරියට ඇදී ගොස් ඒ ආසන්නයේ නවතා තිබූ ත්රීරෝද රථයක ගැටී ත්රිරෝද ත්රිරෝද රථ රියැදුරු මිය ගොස් ඇත.